Followers

අප ගැන බිදක්..... ( about us)

 පාරාදීසයේ මාවත යන නාමය ඇස ගැටුණු විට ඔබට සිතෙන්නේ මෙය කුමක් ගැන විය හැකිද ?🤔🤔🤔🤔

        එදා අඟහරුවාදා දවසක්... අප්පච්යි, අම්මයි, මායි ටිකක් දවල්වෙලා ලොකු අම්මලාගෙ ගෙදර ගියේ ලොකු අම්මාගේ ලොකු පුතාගේ wedding එක නිසා. Wedding එක තිබුණේ නම් අඟහරුවාදා නෙවෙයි. ඉතින් wedding එක දවසේ උදෙන් ම අපි ලෑස්තිවෙලා wedding එක තියෙන Hotel එකට ගියා. පෝරුවේ චාරිත්‍ර කරලා ටිකක් වෙලා යද්දී සද්දෙන් ඩුම් ඩුම් ගාලා සිංදු දාන්න පටන්ගත්තා. මට යාලුවෙකුත් set උනා.ඉතින් කෑම එහෙම කාල ඉවර වෙලා මම යාලුවත් එක්ක chat  එකක් දාගෙන ඉද්දී එයාට කෙනෙක් කතා කරලා එන්න නටන්න කියලා කතා කරා. ඇත්තටම කිව්වොත් නටන්න කියලා නෙවෙයි එයා කිව්වේ dance කරන්න එන්න කියලා 🤭🤭🤭. "නටනවා" කිව්වාම මතක් වෙන්නේ මොනවාද? සින්දුවක් දාල නටන එක නේද ?😌😌. ඒකත් නැටුමක් තමයි.. ඒත් නර්තනය කියන්නේ එක්තරා කලාවක්. ලෝකයෙහි පවතින නර්තන කලාව පිළිබඳ කරුණු එක්රැස් කරගන්න හා නර්තනය හැබැහින් මෙන් කැමරා ලෙන්සරයෙන් ; ඔබේ නෙතින් දැකගන්න පාරාදීසයේ මාවත දිගේ අප සමග එක්වන්න. නර්තනය ......... " නර්තනය " යන්න ගත්කළ විවිධ පුද්ගලයන් විවිධ අර්ථ දක්වා තිබේ. කෙටියෙන්ම නර්තනය යන්න හැදින්වූ විට රිද්මයානුකූලව සිදු කෙරෙන දේහ චලනයන් ය. නර්තනය සිදු කරන්නා අද්‍යාත්මික හැගීම්, භාවාත්මක හැගීම් ප්‍රසංගාත්මකව ඉදිරිපත් කිරීමට පෙළඹේ. ලෝකයේ තිබෙන විවිධ නර්තනවලට ආවේණික වූ විවිධ ඉතිහාසයන් පවතී යැයි කිවහොත් එය වඩාත් නිවැරදිය . නර්තනය ඉගෙනගනු ලබන ශිෂ්‍යයා නර්තනය ආදරයෙන්, ආශාවෙන් හැදෑරිය යුතු යැයි මගේ අදහසයි. ඒ සමග ඔබත් එකගවේ යැයි මට සිතේ.මිනිස්සුන් ජීවත්වන්නේ  ස්වභාවධර්මයේ සංසිද්ධීන්ට යටත්වය.ලෝකයේ සියලුම සංසිද්ධීන් කිසියම් රිද්මයකට අනුව සිදු වේ. එහි රටාවක් ඇත. මව්කුස තුළ වැඩෙමින් සිටින්නා ජීවත්වන බව මවට දැනෙන්නේ චලනයෙනි. ශරීරයේ ඇතැම් අභ්‍යන්තර ක්‍රියාදාමයන් අපට පාලනය කළ නොහැක. නාඩි වැටීම, හර්ද ස්පන්දනය, රුධිර සංසරණය යන මේවා කිසියම් රිද්මයකට සිදු වේ. මානව වර්ගයාට රිද්මය සහජයෙන්ම උරුම වී තිබේ. බඩගිනි වූ විට හඩන බිළිදා තම මවගෙන් කිරි උරා බොනවිට මවගේ දෑස් දෙස බලයි. මෙම මව හා දරුවා තුළ ඇති මනා සබඳතාව ගොඩ නැගීමට මෙම චලන හා භාවමය සංකල්පය මූලික වේ. බිළිදා වැඩෙත්ම තමා හදුනන්නෙකුට අදහස් ප්‍රකාශ කරන්නේ හඩ තැලීම හා චලන මාධ්‍යයෙනි. මෙම චලන, රිද්මයන් හා තාල මත පදනම්ව නර්තනයන් නිර්මාණය වේ.

      ඉතින් wedding එකත් ඉවර වුණා. මම කිව්වේ මට යාලුවෙක් හමුවුණා කියලා එහෙදි. එයා ලොකු අම්මලාගෙ ගෙදර ආවා.ඉතින් අපි ටිකක් කතාකරකර හිටියා.එතකොට තමයි එයා කිව්වේ ඒ ගමේ ප්‍රසිද්ධ නැති ලස්සන තැනක් තියෙනවා කියලා.ඉතින් අපි දෙන්නා එතන බලන්න ගියා.එතන මාරම ලස්සනයි.ඒ තරම් ලස්සන තැන් අපේ රටේ තියෙනවද කියලවත් හිතාගන්න බෑ.ඉතින් ඔයාලත් කැමතියි නේද ඒ තැන්වල ලස්සන බලන්න.

      නර්තන ලෝකයේ නොනැසෙන අලංකාර නර්තන හා බොහෝ ඇසින් නොදුටු අත්විදිය යුතුම සැගවුණු ස්ථාන අත්විදින්න පාරාදීසයේ මාවත දිගේ අප හා එක්වන්න......





වැදි ජනයාගේ කිරිකොරහ නර්තනය හෙවත් යාගය (The kirikoraha Vedda Dance)

 අද මම අරන් ආවේ වැදි ජනතාවගේ කිරිකොරහ නර්තනය ගැන.

               ලක්දිව ආදිවාසීන්ගෙන පැවත එන වැදි ජනතාව උගතුන් විසින් පෙන්වාදෙන්නේ විජයාගමනයට පෙර පැවති ඉපැරණි ගෝත්‍රවලින් බිහි වූවන් ලෙසයි. මොවුන්ගේ ඇදහිලි රටාව මළ නෑදෑ වන්දනාවකි. වැදි ජනතාව විශේෂයෙන් නෑ යකුන් ඇදහීම, විවිධ වෙනත් යක්කු හා දෙවිවරුන් ඇදහීම හා බෞද්ධ පුදපූජාවන් සිදු කරයි. මොවුන් බොහෝවිට යාදිනි හා කිරිකොරහ වැනි අභිචාරයන් ඔවුන්ගේ සශ්‍රීකත්වය හා සිය වගාවන්ට ආශිර්වාදය ලබා ගැනීමේ අරමුණෙන් සිදු කරයි. කිරිකොරහ නර්තනය සැලකෙන්නේ දඹාන වැදි පරපුරේ අවසන් යාගය ලෙසයි. මෙම නර්තනයේ යෙදීමෙන් මොවුන් කන්දේ යකා, බිළිදි යකා හා නෑ යකුන් අදහනු ලබයි. වරක් කිරිකොරහ නැටීම මහියංගණයේ බද වැදි ජනතාවගේ සිරිතයි. මෙහිදී මොවුන් බෙර ගසමින් හා කවි කියමින් ද නර්තනයේ යෙදෙයි.

                         කිරිකොරහ සදහා කෝටු කිහිපයක් යොදාගෙන මැස්සක් සකසනු ලබන අතර එක තට්ටුවක බුලත් ද, තව තට්ටුවක අල වර්ග හා මී පැණිවලින් සකසනු ලබන තට්ටුවක් ද තබයි. යහන සාදනු ලබන්නේ සිටවනු ලබන ඊතල ටික ඉදිරියෙනි. වර්තමානයේ දී කිරිකොරහ සදහා මැටි කොරහක් භාවිතා කළ ද පැරැන්නන් භාවිතා කරනු ලැබුවේ පොල් කටුවකි. කිරිකොරහ සදහා යොදාගනු ලබන ආම්පන්න ලෙස දුන්න, ඊතලය, රන් කඩුව,කොඩිය (විලක් කොඩිය), රුවල, සුවද දුම්, පන්දම්, කොරහ හා පොල් කිරි දැක්විය හැකිය. මෙම ආම්පන්න අසුරන ලද කිරිකොරහ පූජාව රෑ බෝ වී හෝරා කිහිපයකින් ආරම්භ වේ. රැහේ නෑයෙකුගේ නායකයාට අත්වැල් දෙමින් ආදිවාසීන්ගේ සාම්ප්‍රදායික නැටුමක් ලෙස කිරිකොරහ වට කරමින් රැය පහන් වන තුරු රංගනයේ යෙදෙයි. මෙම රංගනයේ ප්‍රධානියා වරෙක ඌරෙකුගේ ද වරෙක වළහකුගේ මෙන් අදියර කිහිපයක දී ම විවිධ වෙස් ගනියි. මෙම වැදි ජනයා තවමත් කිරිකොරහට ගරු කරයි. අවසානයේ දී පූජාවට ගත් කිරිකොරහේ කිරි සතුන්ටවත් නොගැටෙන ස්ථානයක වල දමනු ලබයි. ලොකයේ මහා වසංගතයක්ව පැවතුන කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාව හා ලෝකය මිදීම අරමුණු කොටගෙන වැදි ජනයා විසින් උණු කිරිකොරහ යනුවෙන් ශාන්ති කර්මයක් ද පවත්වා ඇත.

                    තවත් මේ වගේම එකකින් ළගදිම එන්නම්......




References

Ec.E.Pi.Abhayavardhana Kadaimpot vimarsanayas.l.Samskrtika Departmentartamentuva, 197811 Jan 2008

Sirilanka vaddi jana puranaya Pi.Bi.Migaskumburas.l.Pinidiya Prakasakayo, 199518 Sep 2008.(9559135120, 9789559135128).


සිරි දැක ගොළුමලේ මුව ගොලු විය මලේ (Golumale)

              සොභා සෞන්දර්යයේ තවත් එක්තරා අපූර්වතම නිර්මාණයක් ගැනයි මේ දිගහැරුම.🍀😍 නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නගරයෙන් කි.මි. 23ක දුරින් නිල්දණ්ඩාහින්න නගරයේ යටිමාදුර නම් ගම්මානයේ මධ්‍යම හා ඌව පලාත් මායිමට ආසන්න පෙදෙසක සුන්දර ගොළුමලේ පිහිටා ඇත. 

                                                                                                               මේ මනස්කාන්ත පරිසර පද්ධතියේ සිරි නරඹා විනෝද වීමේ දී ප්‍රදේශවාසීන් ලබාදෙන පූර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමටත් , පරිසර අපවිත්‍ර නොකිරීමට වගබලාගැනීමත් ඔබ සතු වගකීමකි. වලපනේ සිට නිල්දණ්ඩාහින්න  හරහා රුපහා මර්ගයේ ගමන්කොට දඹගොල්ල  මංසන්ධියෙන් මඩුල්ල මාර්ගයේ ගමන්කොට ඉන්පසු මංසන්ධියෙන් වම් පසට ගමන් කොට පැය 1 - 1:30 කට අඩු කාලයකින් මෙම ස්ථානයට ලඟාවීමට ඔබට හැකියාව ඇත.

                                                                                                                                   උඩුපුස්සල්ලවෙන් ආරම්භ වන කුඩාඔය එසේත් නැති නම් හීන් ඔය යටිමාදුර ප්‍රදේශ පහුකරන් ගොළුමලේට ටික දුරකින් උමා ඔයට එකතුවෙනව. ඉතින් ඒ ගමන අතරමැද තැනකදී හම්බවෙන මේ ගොළුමලේදී ගල්තලාව මත විශාල ආවාට නිර්මාණය වී තිබෙනා. වර්ෂාව කාලයේදි පහලට ගලා එන මහා ජල කඳ එක් විශාල කුහරයකින් සැඟවී ඉන් මද දුරකින් ඇති කුඩා කුහරයකින් එළියට මුදාහරිනවා. මෙම කුහර පිළිබද වඩාත් පිළිගත් මතවාදය වනුයේ විශාල ජල කඳේ සහ ජලයේ ගසා එන පාෂාණ ආදියෙ බලපෑම මත ජලය ගමන් ගන්න මාර්ගය මෙසේ නිර්මාණය වී ඇති බවයි. 

        මේ ප්‍රදේශයට මෙපිටින් තියන්නෙ ලුණුගල කඳුවැටිය. එහෙමත් නැත්නම් රන්දෙණිගල - වික්ටෝරියා රක්ෂිත වනාන්තරයයි. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනූව වලගම්බා රජතුමා, ථේරපුත්තාභය රහතන් වහන්සේ මෙන් ම දුටුගැමුණු රජතුමා මේ ප්‍රදේශයේ සිට ඇති බවට සාධක පවතිනවා.


          






  • ගොළුමලේට පැමිණීමට, ඔබ මුලින්ම වලපනේ හෝ උඩු පුස්සැල්ලාව සිට දඹගොල්ලට පැමිණිය යුතුය.
  • පරගහ අරාවට කිලෝමීටර් 3කට ආසන්න දුරක් ගමන් කරන්න. පටු දුරස්ථ මාර්ගයක් ඔස්සේ යටිමදුර විහාරස්ථානය දෙසට කිලෝමීටර 6 ක් ඉදිරියට යන්න. 
  • පන්සල පසුකර තවත් මීටර් 700 ක් ගිය විට, කුඹුරු දෙසට ගමන් කරන අඩි පාරක් සහිත දකුණට කුඩා නාම පුවරුවක් සහිත ස්ථානයකට ඔබව ගෙන එනු ඇත.
  • ඔබට මෙහි වාහන නැවැත්විය යුතුය. විදුලි වැට පසුකරමින් මීටර් 200ක් පමණ කුඹුරු යාය මැදින් ගමන් කළ විට ඔබ දොළට ළඟා වනු ඇත.
  • ගොළුමලේ කවාකාර වළවල් 3 දැකීමට ඔබ දොළෙන් එගොඩ වී තවත් මීටර් 200ක්වත් පයින් යා යුතුය.





😍😍


උඩරට නර්තන සම්ප්‍රදාය (Kandyan Dancing)

        මම ටික දවසක් යද්දි තමා දැනගත්තෙ මට ලොකු අම්මලාගේ පුතාගේ wedding එකේදී හම්බුණ යාලුවා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා කියලා. දවසක් එයා මට කතා කරලා කිව්වා එයාලගේ විශ්ව විද්‍යාලයේ උත්සවයක් තියෙනවා ඒක බලන්න මටත් යමු කියලා.😋 ඉතින් අපි දෙන්නාම ඒ උත්සවයේ බලන්න ගියා. ඒ උත්සවයේ දී පිරිමි ළමයි ටිකක් වෙස් නර්තනයක් කළා මාරම ලස්සනයි. ඊට පස්සේ මට මගේ යාලුවා උඩරට නර්තන කලාව පිළිබඳ විස්තර ගොඩාක් කියලා දුන්නා. මම හිතුවා ඉතින් මට ඒ දේවල් ඔයාලත් එකක් බෙදාගන්න ඕනේ කියලා.

                   දේශීය, ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් පවතින අතර ඉන් එක් සම්ප්‍රදායකි උඩරට නර්තන සම්ප්‍රදාය. උඩරට නර්තන සම්ප්‍රදාය යනු, ලංකාවේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ ආරම්භ වී ඇත. සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් එකක් වන මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පැතිර පවතී. පුරාණයේ පිරිමින්ට පමණක් සීමා වී ඇති නමුදු පසුව එය කාන්තාවන්ට ද උරුම විය. 

                               උඩරට නර්තන සම්ප්‍රදායෙහිදී ප්‍රධාන වශයෙන් ගැට බෙරය වාද්‍ය භාණ්ඩය ලෙස යොදාගනු ලබන අතර මෙය මූලික වශයෙන් මහනුවර, උඩුනුවර, හත්කෝරලේ හා දුම්බර වැනි ප්‍රදේශවල පැවතේ. මෙහි ඉතා අලංකාර ඇදුම් කට්ටලයක් පවතින අතර එයින් නර්තකයාගේ ගාම්භීරත්වය මනාව පිළිබිඹු වේ. ආගමික හා සමාජීය වශයෙන් පිළිගත් පිරිසිදු පවිත්‍රත්වය පිළිබිඹු කරන "දවල වර්ණයෙන්" යුත් මෙය " වෙස් ඇදුම් කට්ටලය යන නමින් හදුන්වනු ලබයි. ආභරණ කට්ටලයෙන් බෞද්ධාගමික ලක්ෂණ නිරූපණය කෙරේ. ජටාව නිර්මාණය කර ඇත්තේ චෙෙත්‍යයක කොත් කැරැල්ලෙහි ආභාශයෙනි. වෙස් තට්ටුවෙහි බෝපත් රටා රැලේ බෞද්ධාගමෙහි සංකල්ප සංකේතවත් කරයි.අන්‍ය සම්ප්‍රදායන් වෙන් කොට හදුනාගැනීමට මෙම සාධක ඉවහල් වේ. චලන ස්භාවයන් වඩාත් චමත්කාර ලෙස ප්‍රදර්ශනය කිරීමට රංග වස්ත්‍රාභරණයන් මනාව ඉවහල් වේ. ජටාව රැළි ගැසීම, උරහිස් චලන, අවුල් හැරය සෙළවීමලෙසත්  ගමන්වලදී රංග වස්ත්‍රාභරණ කොටස් දෑතින් අල්ලා චමත්කාර දනවන ලෙස නර්තනයේ යෙදීම නිදසුන් ලෙස දැක්වීමට පුළුවන. මෙම රංග ආභරණ කට්ටලය සකස් කිරීමට විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරයි. එනම් කිරිවල්ලා ලී, රිදී, තහඩු, වීදුරු කැට, කිරි පබළු, කැබැල්ල පොතු, මී අං හා හන නූල් වේ.


https://youtu.be/t52MZHNOjJk


                 දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන් එක් සම්ප්‍රදායක් වන උඩරට නර්තන සම්ප්‍රදා‍යෙහි කොහොඹා කංකාරිය, බලියක් මංගල්‍යය, කඩවර කංකාරිය වශයෙන් ශාන්ති කර්මයන් පවතින අතර ඉන් ප්‍රධාන ශාන්ති කර්මය ලෙස කොහොඹා කංකාරි ශාන්ති කර්මය හැදින්වීමට පුළුවන. කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ කතා පුවත ලෙය විජය කුවේණියන්ගේ කතා ප්‍රවෘතිය නම් කෙරේ. විජය කුමරු ලංකාවට ගොඩබැස රාජ්‍යයත්වයට පත් වී මහත් බල පරාක්‍රමයෙන් යුක්ත යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ  කුවේණිය සමග වාසය කොට ඇත. එහෙත් විජය රජු අභිෂේක ලැබීමේදී වෙනත් රාජ කුමාරියක සරණපාවා ගෙන කුවේණිය පිටුවහල් කෙරෙනි. අනතුරුව ඇය තමාට සිදු වූ මෙම අසාධාරණය හා විපත විදදරා ගත නොහැකිව  තම දරු දෙදෙනා ද සමග වනගත විය.කුවේණිය තමාට කළ මෙම විපත හේතුවෙන් විජය රජුට සාප කොට ඇත. එම සාපය විජය රජුගේ ඇවෑමෙන් පසු රජු බවට පත්වූ පඩුවස්දෙව් රජුට බල පෑ බව පැවසේ. රාජ්‍යය කරමින් කල් හරිනා කළ දිනක් සිහිනෙන් පර්වතයක් හා සමාන දිවියෙකු පඩුවස් දෙව් රජුගේ ඇගට පැන රජු බිය ගැන්වීය. මෙයින් බියට පත් රජ තෙමේ රෝගාතුර විය. මේ බව දැනගත් ශක්‍ර දෙව් තෙමේ මෙම දිවි දෝෂය සුව කිරීමට හැකි එකම පුද්ගලයා මලය රජු බව දැන මහත් පෙරළියක් කොට  මලය රජු ලක්දිවට ගෙන්වා සිව් සැටක් ආභරණයෙන් රජු සරසා දිවි දෝෂය දුරුකර දෙන ලෙස ඉල්ලා ඇත.ඉන්පසු මලය රජු අනුරාධපුරයේ මහමෙව්නා උයනේ දී හැටපස් මංගල්‍යයක් කර රජුගේ දිවි දෝෂය සුව කළහ. මෙම යාගය නිමාකොට යන ගමනේදී කොහොඹා වනයක දී මුණ ගැසුණු පින්වත් කුමරුහට යාග පිළිවෙත් සියල්ල උගන්වා කුමරුගේ ප්‍රධානත්වයෙන් යාග පැවැත්වූ බව සදහන් වේ.එතැන් පටන් මෙම ශාන්ති කර්මය ලක්වැසි ජනතාව බවබෝග සම්පත් වැඩි දියුණු කර ගැනීමටත්, අපල උපද්‍රව ආදියෙන් මිදීමටත්, මානසික සුවතාවය හා සමාජය ඒකරාශි කිරීමේ අභිලාශයෙනුත් මෙම කොහොඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබයි. මෙහෙදී කොහොඹා දෙවි තුන්කට්ටුව, බංඩාර දෙවි හත්කට්ටුව, වීරමුණ්ඩ දෙවි හා දොළහා දෙවි වැනි දෙවිවරුන් මෙන්ම මෙලෙයි යකුන්, වැදි යකුන්, කසවර හා කළු කුමාර  වැනි යක්ෂයින් ද පුද ලබයි.

    වෙස් නර්තනයක් ගිය දුරක් නේද.මම හිතනවා මට වගේම ඔයාලටත් මේක වැදගත් වෙන්න ඇති කියලා.