Followers

සිරි දැක ගොළුමලේ මුව ගොලු විය මලේ (Golumale)

              සොභා සෞන්දර්යයේ තවත් එක්තරා අපූර්වතම නිර්මාණයක් ගැනයි මේ දිගහැරුම.🍀😍 නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ නගරයෙන් කි.මි. 23ක දුරින් නිල්දණ්ඩාහින්න නගරයේ යටිමාදුර නම් ගම්මානයේ මධ්‍යම හා ඌව පලාත් මායිමට ආසන්න පෙදෙසක සුන්දර ගොළුමලේ පිහිටා ඇත. 

                                                                                                               මේ මනස්කාන්ත පරිසර පද්ධතියේ සිරි නරඹා විනෝද වීමේ දී ප්‍රදේශවාසීන් ලබාදෙන පූර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමටත් , පරිසර අපවිත්‍ර නොකිරීමට වගබලාගැනීමත් ඔබ සතු වගකීමකි. වලපනේ සිට නිල්දණ්ඩාහින්න  හරහා රුපහා මර්ගයේ ගමන්කොට දඹගොල්ල  මංසන්ධියෙන් මඩුල්ල මාර්ගයේ ගමන්කොට ඉන්පසු මංසන්ධියෙන් වම් පසට ගමන් කොට පැය 1 - 1:30 කට අඩු කාලයකින් මෙම ස්ථානයට ලඟාවීමට ඔබට හැකියාව ඇත.

                                                                                                                                   උඩුපුස්සල්ලවෙන් ආරම්භ වන කුඩාඔය එසේත් නැති නම් හීන් ඔය යටිමාදුර ප්‍රදේශ පහුකරන් ගොළුමලේට ටික දුරකින් උමා ඔයට එකතුවෙනව. ඉතින් ඒ ගමන අතරමැද තැනකදී හම්බවෙන මේ ගොළුමලේදී ගල්තලාව මත විශාල ආවාට නිර්මාණය වී තිබෙනා. වර්ෂාව කාලයේදි පහලට ගලා එන මහා ජල කඳ එක් විශාල කුහරයකින් සැඟවී ඉන් මද දුරකින් ඇති කුඩා කුහරයකින් එළියට මුදාහරිනවා. මෙම කුහර පිළිබද වඩාත් පිළිගත් මතවාදය වනුයේ විශාල ජල කඳේ සහ ජලයේ ගසා එන පාෂාණ ආදියෙ බලපෑම මත ජලය ගමන් ගන්න මාර්ගය මෙසේ නිර්මාණය වී ඇති බවයි. 

        මේ ප්‍රදේශයට මෙපිටින් තියන්නෙ ලුණුගල කඳුවැටිය. එහෙමත් නැත්නම් රන්දෙණිගල - වික්ටෝරියා රක්ෂිත වනාන්තරයයි. ඓතිහාසික මූලාශ්‍රයන්ට අනූව වලගම්බා රජතුමා, ථේරපුත්තාභය රහතන් වහන්සේ මෙන් ම දුටුගැමුණු රජතුමා මේ ප්‍රදේශයේ සිට ඇති බවට සාධක පවතිනවා.


          






  • ගොළුමලේට පැමිණීමට, ඔබ මුලින්ම වලපනේ හෝ උඩු පුස්සැල්ලාව සිට දඹගොල්ලට පැමිණිය යුතුය.
  • පරගහ අරාවට කිලෝමීටර් 3කට ආසන්න දුරක් ගමන් කරන්න. පටු දුරස්ථ මාර්ගයක් ඔස්සේ යටිමදුර විහාරස්ථානය දෙසට කිලෝමීටර 6 ක් ඉදිරියට යන්න. 
  • පන්සල පසුකර තවත් මීටර් 700 ක් ගිය විට, කුඹුරු දෙසට ගමන් කරන අඩි පාරක් සහිත දකුණට කුඩා නාම පුවරුවක් සහිත ස්ථානයකට ඔබව ගෙන එනු ඇත.
  • ඔබට මෙහි වාහන නැවැත්විය යුතුය. විදුලි වැට පසුකරමින් මීටර් 200ක් පමණ කුඹුරු යාය මැදින් ගමන් කළ විට ඔබ දොළට ළඟා වනු ඇත.
  • ගොළුමලේ කවාකාර වළවල් 3 දැකීමට ඔබ දොළෙන් එගොඩ වී තවත් මීටර් 200ක්වත් පයින් යා යුතුය.





😍😍


No comments:

Post a Comment