Followers

උඩරට නර්තන සම්ප්‍රදාය (Kandyan Dancing)

        මම ටික දවසක් යද්දි තමා දැනගත්තෙ මට ලොකු අම්මලාගේ පුතාගේ wedding එකේදී හම්බුණ යාලුවා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා කියලා. දවසක් එයා මට කතා කරලා කිව්වා එයාලගේ විශ්ව විද්‍යාලයේ උත්සවයක් තියෙනවා ඒක බලන්න මටත් යමු කියලා.😋 ඉතින් අපි දෙන්නාම ඒ උත්සවයේ බලන්න ගියා. ඒ උත්සවයේ දී පිරිමි ළමයි ටිකක් වෙස් නර්තනයක් කළා මාරම ලස්සනයි. ඊට පස්සේ මට මගේ යාලුවා උඩරට නර්තන කලාව පිළිබඳ විස්තර ගොඩාක් කියලා දුන්නා. මම හිතුවා ඉතින් මට ඒ දේවල් ඔයාලත් එකක් බෙදාගන්න ඕනේ කියලා.

                   දේශීය, ප්‍රධාන නර්තන සම්ප්‍රදායන් තුනක් පවතින අතර ඉන් එක් සම්ප්‍රදායකි උඩරට නර්තන සම්ප්‍රදාය. උඩරට නර්තන සම්ප්‍රදාය යනු, ලංකාවේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ ආරම්භ වී ඇත. සිංහල නැටුම් සම්ප්‍රදායන් අතරින් එකක් වන මෙය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිංහල ජනතාව අතර පැතිර පවතී. පුරාණයේ පිරිමින්ට පමණක් සීමා වී ඇති නමුදු පසුව එය කාන්තාවන්ට ද උරුම විය. 

                               උඩරට නර්තන සම්ප්‍රදායෙහිදී ප්‍රධාන වශයෙන් ගැට බෙරය වාද්‍ය භාණ්ඩය ලෙස යොදාගනු ලබන අතර මෙය මූලික වශයෙන් මහනුවර, උඩුනුවර, හත්කෝරලේ හා දුම්බර වැනි ප්‍රදේශවල පැවතේ. මෙහි ඉතා අලංකාර ඇදුම් කට්ටලයක් පවතින අතර එයින් නර්තකයාගේ ගාම්භීරත්වය මනාව පිළිබිඹු වේ. ආගමික හා සමාජීය වශයෙන් පිළිගත් පිරිසිදු පවිත්‍රත්වය පිළිබිඹු කරන "දවල වර්ණයෙන්" යුත් මෙය " වෙස් ඇදුම් කට්ටලය යන නමින් හදුන්වනු ලබයි. ආභරණ කට්ටලයෙන් බෞද්ධාගමික ලක්ෂණ නිරූපණය කෙරේ. ජටාව නිර්මාණය කර ඇත්තේ චෙෙත්‍යයක කොත් කැරැල්ලෙහි ආභාශයෙනි. වෙස් තට්ටුවෙහි බෝපත් රටා රැලේ බෞද්ධාගමෙහි සංකල්ප සංකේතවත් කරයි.අන්‍ය සම්ප්‍රදායන් වෙන් කොට හදුනාගැනීමට මෙම සාධක ඉවහල් වේ. චලන ස්භාවයන් වඩාත් චමත්කාර ලෙස ප්‍රදර්ශනය කිරීමට රංග වස්ත්‍රාභරණයන් මනාව ඉවහල් වේ. ජටාව රැළි ගැසීම, උරහිස් චලන, අවුල් හැරය සෙළවීමලෙසත්  ගමන්වලදී රංග වස්ත්‍රාභරණ කොටස් දෑතින් අල්ලා චමත්කාර දනවන ලෙස නර්තනයේ යෙදීම නිදසුන් ලෙස දැක්වීමට පුළුවන. මෙම රංග ආභරණ කට්ටලය සකස් කිරීමට විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරයි. එනම් කිරිවල්ලා ලී, රිදී, තහඩු, වීදුරු කැට, කිරි පබළු, කැබැල්ල පොතු, මී අං හා හන නූල් වේ.


https://youtu.be/t52MZHNOjJk


                 දේශීය නර්තන සම්ප්‍රදායන් ත්‍රිත්වයෙන් එක් සම්ප්‍රදායක් වන උඩරට නර්තන සම්ප්‍රදා‍යෙහි කොහොඹා කංකාරිය, බලියක් මංගල්‍යය, කඩවර කංකාරිය වශයෙන් ශාන්ති කර්මයන් පවතින අතර ඉන් ප්‍රධාන ශාන්ති කර්මය ලෙස කොහොඹා කංකාරි ශාන්ති කර්මය හැදින්වීමට පුළුවන. කොහොඹා කංකාරි ශාන්ති කර්මයේ කතා පුවත ලෙය විජය කුවේණියන්ගේ කතා ප්‍රවෘතිය නම් කෙරේ. විජය කුමරු ලංකාවට ගොඩබැස රාජ්‍යයත්වයට පත් වී මහත් බල පරාක්‍රමයෙන් යුක්ත යක්ෂ ගෝත්‍රික කාන්තාවක් වූ  කුවේණිය සමග වාසය කොට ඇත. එහෙත් විජය රජු අභිෂේක ලැබීමේදී වෙනත් රාජ කුමාරියක සරණපාවා ගෙන කුවේණිය පිටුවහල් කෙරෙනි. අනතුරුව ඇය තමාට සිදු වූ මෙම අසාධාරණය හා විපත විදදරා ගත නොහැකිව  තම දරු දෙදෙනා ද සමග වනගත විය.කුවේණිය තමාට කළ මෙම විපත හේතුවෙන් විජය රජුට සාප කොට ඇත. එම සාපය විජය රජුගේ ඇවෑමෙන් පසු රජු බවට පත්වූ පඩුවස්දෙව් රජුට බල පෑ බව පැවසේ. රාජ්‍යය කරමින් කල් හරිනා කළ දිනක් සිහිනෙන් පර්වතයක් හා සමාන දිවියෙකු පඩුවස් දෙව් රජුගේ ඇගට පැන රජු බිය ගැන්වීය. මෙයින් බියට පත් රජ තෙමේ රෝගාතුර විය. මේ බව දැනගත් ශක්‍ර දෙව් තෙමේ මෙම දිවි දෝෂය සුව කිරීමට හැකි එකම පුද්ගලයා මලය රජු බව දැන මහත් පෙරළියක් කොට  මලය රජු ලක්දිවට ගෙන්වා සිව් සැටක් ආභරණයෙන් රජු සරසා දිවි දෝෂය දුරුකර දෙන ලෙස ඉල්ලා ඇත.ඉන්පසු මලය රජු අනුරාධපුරයේ මහමෙව්නා උයනේ දී හැටපස් මංගල්‍යයක් කර රජුගේ දිවි දෝෂය සුව කළහ. මෙම යාගය නිමාකොට යන ගමනේදී කොහොඹා වනයක දී මුණ ගැසුණු පින්වත් කුමරුහට යාග පිළිවෙත් සියල්ල උගන්වා කුමරුගේ ප්‍රධානත්වයෙන් යාග පැවැත්වූ බව සදහන් වේ.එතැන් පටන් මෙම ශාන්ති කර්මය ලක්වැසි ජනතාව බවබෝග සම්පත් වැඩි දියුණු කර ගැනීමටත්, අපල උපද්‍රව ආදියෙන් මිදීමටත්, මානසික සුවතාවය හා සමාජය ඒකරාශි කිරීමේ අභිලාශයෙනුත් මෙම කොහොඹා කංකාරි ශාන්ති කර්මය පවත්වනු ලබයි. මෙහෙදී කොහොඹා දෙවි තුන්කට්ටුව, බංඩාර දෙවි හත්කට්ටුව, වීරමුණ්ඩ දෙවි හා දොළහා දෙවි වැනි දෙවිවරුන් මෙන්ම මෙලෙයි යකුන්, වැදි යකුන්, කසවර හා කළු කුමාර  වැනි යක්ෂයින් ද පුද ලබයි.

    වෙස් නර්තනයක් ගිය දුරක් නේද.මම හිතනවා මට වගේම ඔයාලටත් මේක වැදගත් වෙන්න ඇති කියලා.